ඉන්දියාවේ 14වන ජනාධිපති දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ 14වන ජනාධිපති ලෙස පත්වූ රාම් නාත් කෝවින්ද් අද(25) දිවුරුම් දෙනු ලැබීය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ මධ්‍යම ශාලාවේ පැවති විශේෂ උත්සවයේ දී දිවුරුම් දීම සිදු විය.
ඉන්දීය නව ජනාධිපති රාම් නාත් කෝවින්ද් දිවුරුම් දෙනු ලැබුවේ ඉන්දීය අග විනිසුරු ජේ එස් කෙෂාර් මහතා ඉදිරියේය.

ඉන්දීය උප ජනාධිපති හමීඩ් අන්සාර්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කතානායක සුමිත්‍ර මහාජන් ආදී සම්භාවනීයයන් රැසක් දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටියහ.

නව ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර විසිඑකක් ද මෙහිදී පිරිනැමූ බව වාර්තා වේ.

අද උදෑසන රාජ්ගත් හි පිහිටි මහත්මා ගාන්ධි තුමාගේ පිළිරුව වෙත ගිය නව ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දක්වවන ලදි.

නව ජනාධිපතිවරයා රාෂ්ටපතිභවන් හිදී හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. මුඛර්ජි මහතාගේ ධුර කාලය අදින් අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *