ඔලිම්පික් නියෝජනය කළ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අතින් රන් සම්මානයෙන් පිදුම් ලබති

(කොළඹ, ලංකාපුවත්) –1948 වසරේ සිට ඔලිම්පික් තරග නියෝජනය කළ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

2017 වසරේ පැවැත්වෙන කී‍්‍රඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව කී‍්‍රඩා අමාත්‍යාංශය සහ ශී‍්‍ර ලංකා ඔලිම්පික් සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ඔලිම්පික් තරග නියෝජනය කළ ශී‍්‍ර ලාංකික කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 41 දෙනෙක් මෙහිදී ජනාධිපතිතුමා අතින් රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජාතියේ ගෞරවය සහ කීර්තිය ලෝකය හමුවට ගෙන ගිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගයීමට ලැබීම පිළිබඳ තමා සතුටුවන බවයි.

ඕනැම ක්ෂේත‍්‍රයක දක්ෂයින් සහ විශිෂ්ටයින් ඇගයීම ඔවුන්ට කරන ගෞරවයක් සේම ජාතියේ යහපත සඳහා කෙරෙන කටයුත්තක් ද බව ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවට ගෙන ගිය අපගේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතාවයන් හැකියාවන් සහ දැනුම, බුද්ධිය මෙන්ම අත්දැකීම් සමාජයට දායාද කරමින් හෙට උපදින මතු පරපුරට මග පෙන්වීම සඳහා පුළුල් වැඩපිළිවෙළක වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙම සියලූදෙනාගේ ඉදිරි සුබසාධනය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ඔලිම්පික් තරග ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතරින් හැත්තෑ දෙදෙනෙකු දැනට ජීවතුන් අතර සිටිති.

ඔවුන් වෙනුවෙන් පිහිටුවා තිබෙන ශී‍්‍ර ලංකා ඔලිම්පියන්ස් සංගමයට රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සභාපති ශී‍්‍රයානි කුලවංශ මහත්මිය සඳහන් කළේ ශී‍්‍ර ලාංකික ඔලිම්පික් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මීට පෙර මෙවන් අවස්ථාවක් හිමි නොවූ බවයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් සහ පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන් ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.බී. දිසානායක මහතා සහ ශී‍්‍ර ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සභාපති ශ‍්‍රියානි කුලවංශ, ලේකම් දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න යන මහත්මීන් ඇතුළු ඔලිම්පික් ක්‍රීඩක කී‍්‍රඩිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *