කන්ෆෙඩරේෂන් කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රීඩකයින් උත්තේජක ලබාගෙන නැතැයි තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කන්ෆෙඩරේෂන් කුසලාන පාපන්දු තරගාවලියේදී කිසිදු ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක ලබාගෙන ඇතැයි තහවුරුවී නැතැයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සදහන් කරයි.

තරගාවලිය පැවැත්වුණේ රුසියාවේදීය.

කන්ෆෙඩරේෂන් කුසලාන පාපන්දු තරගාවලියේදී සාම්පල 379ක් තහනම් උත්තේජක සදහා පරීක්ෂාවට ලක්කර තිබේ.

එහෙත් ඉන් කිසිදු සාම්පලයක තහනම් උත්තේජක සංඝටක හමුවූයේ නැති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සදහන් කර ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලයේ විවිධ මාධ්‍ය වාර්තා කළේ ක්‍රීඩකයින් තහනම් උත්තේජක භාවිත කර පාපන්දු තරග සදහා එක්වන බවය. ඒ හේතුවෙන් මෙවර තරගාවලියේදී දැඩි ලෙස පරීක්ෂාවන් සිදුකළ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසා සිටි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + twelve =