කොළඹ පෝස්ටර්,බැනර්,කටවුට් ගසන්නන් පරිස්සමෙන්

(කොළඹ, ලංකාපුවත්) – පෝස්ටර්, බැනර් හා කටවුට් අනවසරයෙන් කොළඹ නගරය තුළ ඇලවීමට හා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරනන් අත් අඩංගුවට ගන්නා බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද(25) සිට දින 14 ක් ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

දින 20 කදී නීති විරෝධි කසළ බැහැර කරන්නන් 1,520 දෙනෙකුට මේ වන විට නඩු පවරා ඇති බවත් ඇමතිවරයා පැවසුවේ කොළඹ නගරය සහ තදාසන්න නාගරික බල ප‍්‍රදේශ වන කෝට්ටේ, කඩුවෙල, කැලණිය, දෙහිවල – ගල්කිස්ස, මොරටුව, කොලොන්නාව, මුල්ලේරියාව හා පෑලියගොඩ යන නගර සභා ආශ‍්‍රිතව කැළි කසළ බැහැර කිරීම, එකතු කිරීම සහ විධිමත්ව අපහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ සහභාගී වෙමිනි.
එය රාත‍්‍රී 7.00ට කොළඹ මහ නගර සභා පරිශ‍්‍රයේදී පැවැත්විණි.

මේ වන විට දෛනික කැලි කසළ බැහැර කිරීම් අධික්‍ෂණය ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කොළඹ අලංකරණය කිරීමේ ඒකකය විසින් සිදු කරනු ලැබේ.

පරිසර පොලීසිය ද ඊට දායක වේ.

ඇල මාර්ග පිළිබඳ අධික්‍ෂණය නාවික හමුදාව සිදු කරන අතර ඒ සෑම ප‍්‍රදේශයකම කැළි කසළ ඉවත් කිරීමේ වගකීම ඊට ආශ‍්‍රිත නගර සභාව, ප‍්‍රාදේශීය සභාව සහ අබාන්ස් හෝ කෙයා ක්ලීන් ආයතනය වගකීම් දරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =