ඛනිජ තෙල් වර්ජනය හේතුවෙන් ජන ජීවිතයට බාධා

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතියක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටි.

එහෙත්, ඇතැම් ප්‍ර‍දේශවල ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුක කරන බව වාර්තා වේ. වැඩවර්ජනය ප්‍රකාශයට පත් කිරීමත් සමග කොළඹ ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (24)රාත්‍රී සිට දිගු පෝලිම් දක්නට ලැබුණි.

ජනතාව චෝදනා කරන්නේ පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයක් සිදු කිරීම ජනතාව පීඩාවට පත් කිරීමක් බවය.

මේ අතර ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරන ලද්දේ වර්ජනය හේතුවෙන් මේ වන විටත් දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිට ඇති බවය.

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජන ආරම්භ කෙරිණි.

චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම හා හම්බන්තොට තෙල් ටැංකි චීනයට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =