ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙකු මරුට

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

ඉන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

නගරයට දකුණු දෙසින් පිහිටි ෆෙරෝස්පූර් මාර්ගයේ එළවළු වෙළෙඳසලක් අසල බෝම්බය පුපුරා ගොස් තිබේ. ඒ අසල පිහිටි ගොඩනැගිලිවලට ද ඉන් දැඩි හානි සිදුව ඇතැයි සදහන් වේ.

ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වූවන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටි. මරාගෙන මැරෙන බෝම්බකරුවා යතුරුපැදියකින් පැමිණි අයෙකි. ඔහුගේ ඉලක්කය ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් විය හැකි බවට විශ්වාස කෙරේ.

තලේබාන් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =