ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සුදුසුකම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු මේ වන විට සුදුසුකම් ලබා සිටි.

මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.

මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට දුර දිවීමේ ඉසව් සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබා සිටි.

මැරතන් ඉසව්ව සදහා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සුදුසුකම් ලබා සිටින අතර එහි කාන්තා ඉසව්වට හිරුණි විජේරත්න සුදුසුකම් ලබා තිබේ.

නිමාලි ලියනාරච්චි සුදුසුකම් ලබා සිටින්නේ මීටර් 800 ධාවන ඉසව්වටය.

තවත් ක්‍රීඩකයෙක් මෙම තරගාවලිය සදහා සුදුසුකම් සපුරා ගනු ඇතැයි ජාතික මළල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වේ. ඒ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලක්ෂාන් දයාරත්න ක්‍රීඩකයාය.

තරගාවලිය ලබන මස 03වනදා සිට ලන්ඩන් හි දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =