(කොළඹ, ලංකාපුවත්) – යාපනය, නල්ලූර් ප්රදේශයේ පසුගිය 22වනදා සිදුවු වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අද(25) උදෑසන යාපනය පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
මෙලෙස බාර වී ඇති ප්රධාන සැකකරු වයස අවුරුදු 39 ක් වු සෙල්වරාසා ජයන්තන් නැමති අයෙකි.
පසුගිය දා යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවිය.
කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් විය. තවත් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 23 වන දා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.