මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 30 දෙනෙකු සුන්බුන් අතර සිරවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ එහි සිරවී සිටින බව ඉන්දීය වාර්තා සදහන් කරයි. මේවන විට පුද්ගලයින් 04දෙනෙකුගේ මළ සිරුරු හමුව ඇතැයි ද වාර්තා වේ.

මහල් හතරකින් යුත් නිවාස සංකීර්ණයක් මෙසේ කඩා වැටී ඇත. ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි සැලකිය යුතු පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

දැනට පුද්ගලයන් නව දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිව තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් කෑගසන හඩ පවා ඇසෙන බව ඉන්දීය වාර්තා සදහන් කර ඇත. මෙම ගොඩනැගිල්ලේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබේ. එහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසක් ද සිරවී සිටින පිරිසට අයත් බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *