රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය ගල්ගමුව මුලික රෝහලේ ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) ගල්ගමුව මුලික රෝහලේ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය 20වනදා  සිදු කෙරිණි.

රුපියල් කෝටි 105 ක පමණ වියදමකින් එම රෝහල නවීකරණය කිරීමෙන් පසු යලි ජනතා අයිතියට පැවරීමට සමගාමීව මෙම සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය හදුන්වාදීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන විසින් ක්‍රියාත්මක  ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Programme) යටතේ  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා  හැකිවේ.

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට (HHIMS) තොරතුරු ඇතුලත් කෙරුණු රෝගියෙකුට ඒ සදහා නිකුත් කෙරෙන  පෞද්ගලික සෞඛ්‍ය කාඩ්පත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ලබාදුන් අයුරු ජායාරූපයේ දක්වේ.

මේ අතර ඉදිරියේදී තවත් රජයේ රෝහල් තුන්සියයකට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු මහීස දයානන්ද  මහතා පැවසීය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න,  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්  නියෝජ්‍ය අමාත්‍ය  තාරනාත් බස්නායක යන මහත්වරුද  මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *