අසේල ගුණරත්න තුවාල ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න ප්‍රතිකාර සඳහා කොළඹ රැගෙන ආ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අද තරඟයේ පළමුව පිටියට බට ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක දී උඩ පන්දුවක් රැක ගැනීමට අසේල ගුණරත්න ගත් උත්සාහයේ දී ඔහුගේ අතක් තුවාල විය.

සිය අතට හානි සිදුවීමත් සමඟ අසේල ක්‍රීඩාගාරයට ගොස් ඇත.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා කියා සිටියේ අසේල ගුණරත්න ක්‍රීඩකයා ශල්‍ය කර්මයකට භාජනය කරනු ලැබීමට බොහෝ ඉඩකඩ ඇති බව ය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් වරම් ලැබීමත් අද තරඟයේ විශේෂත්වයක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 9 =