ආර්ථිකය 2016ට සාපේක්ෂව 3.8%කින් වර්ධනය වෙයි – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – දේශීය හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකය 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී සියයට 3.8කින් වර්ධනයවී, උද්ධමනය (පසුගිය මැයි මාසය අවසන්වන විට) සියයට 7.1 දක්වා අඩුවී ඇති බව 2017 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ.

2016 ආර්ථික වර්ධනය වූ සියයට 5.1කට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේ දී සියයට 3.8ක වර්ධනයක් අත්කරගෙන ඇති බව සඳහන්වේ. ඉදිකිරීම් පතල් කැනීම් මූල්‍ය සේවා රක්ෂණ කටයුතු, රෙදිපිළි කර්මාන්තය, ධීවර කර්මාන්තයේ ඇති වූ ප්‍රගතිය මෙම වර්ධනය හේතුවී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2017 අප්‍රේල් මස වාර්තා වූ සියයට 8.4ක උද්ධමනය මැයි මාසය වන විට සියයට 7.1 දක්වා අඩුවී ඇති බව ‍එම වාර්තාවේ පෙන්වා දී ඇත.

මේ අතර රජයේ මුළු ආදායම සියයට 24.6කින් වර්ධනය වී ඇති බව ද සඳහන් වේ. 2016 රුපියල් මිලියන 472,689ක් වූ රජයේ මුළු ආදායම 2017 අප්‍රේල් වන විට රුපියල් මිලියන 589,017 වැඩිවී ඇත. මෙම කාලසීමාව තුළ රජයේ බදු හා බදු නොවන ආදායම ඉහළ යාම රජයේ ආදායම වැඩිවීමට හේතුවී ඇති බව ද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *