ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) ගාල්ලේදී ආරම්භ වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇත.

මෙහිදී ශ්‍රී ලංකා නායකත්වය රංගන හේරත්ට හිමිවී ඇති අතර විරාට් කෝලි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ලැබේ.

උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, ඇන්ජලෝ මැතිව්ස් යන පිතිකරුවන් මෙන්ම රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ නුවන් ප්‍රදීප් යන පන්දු යවන්නන් ද අද දිනයේ දී කණ්ඩායම නියෝජනය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *