කොළොන්නාව ඛනිජ තෙල් අංගනය උණුසුම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොළොන්නාව ඛනිජ තෙල් අංගනය අසල කලහකාරීව හැසිරුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු සේවකයින් 10දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය සමඟ කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු යොදමින් සිටි.

එසේම මේවන විට යුද හමුදාවේ මැදිහත්වීමෙන් තෙල් බවුසර් 15ක් කොළොන්නාවෙන් පිටත් කර ඇති බව යුද හමුදාව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =