රුසියානු සම්බාධකවලට අමෙරිකාවෙන් සහාය

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අදාළ නව පනතට පක්ෂව අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පනත අත්සන් කිරීම සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2016 අමෙරිකා මැතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වී ඇති චෝදනා ඉලක්කර ගනිමින් මෙම සම්බාධක පැනවීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම පනත අත්සන් කිරීම සඳහා ජනාධිපතිවරයාට යොමු කිරීමට පෙර සෙනට් මණ්ඩලය හමුවේ අනුමත විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − one =