දේශීය සහල් හිඟයකින් තොරව වෙළෙදපළට නිකුත් කිරීමට ඇමති රිෂාඩ් ගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – වී අළෙවි මණ්ඩලය සතු සියළු වී තොග මිලට ගෙන වහාම සහල් කර වෙළෙදපළට නිකුත් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමූපාකාර තොග වෙළඳ සංස්ථාවට (CWE) උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබාදුන්නේ ඊයේ ( 25 ) පාර්ලිමේන්තුවේදී ජීවන වියදම් කමිටුවට රැස් වු අවස්ථාවේදීය.

වෙළෙඳපළේ දේශීය සහල් හිඟයක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙලෙස දේශීය සහල් තොග වෙළඳපළට නිකුත් කරන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මේ අනුව වී අළෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 55,000 ක් ඉතා ඉක්මනින්ම සහල් කර වෙළඳපළට නිකුත් කරන අතර මෙයට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් මියන්මාරයෙන් හා පකිස්තානයෙන් ආනයනය කිරීමටද පියවර ගෙන ඇති බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *