වාණිජ මට්ටමින් සූර්ය කෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්ය කෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සුදානම් වේ.

ශ්‍රී ලංකාව තුළ ඉතා නුදුරු අනාගතයේදී,නව තාක්ෂනික ක්‍රමවේදයන් මත පදනම් වූ තුනී පටල මත පදනම් වු සූර්ය කෝෂ හා පැනල දේශීයව නිෂෟපාදනය කිරීම සහ සූර්ය කෝෂ තාක්ෂණය පිළිබඳ නිපුණතා සහිත පුද්ගල කණ්ඩායමක් පුහුණු කිරීම අරමුණු කරගනිමින්කොළඹ, රුහුණ, යාපනය,කැළණිය යන විශ්ව විද්‍යාල වල ජාතික සූර්ය කෝෂව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා වන අරමුදල් ලබා ගැනීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්මත කොට ගෙන තිබේ.

එම ව්‍යාපෘතියේ ඉදිරි පර්යේෂණ හා සංවර්ධන අදියරේදී සහ නිෂ්පාදන අදියරේදී භාවිතයට ගැනෙන රසායනිකයන්හි පාරිසරික සහ විෂ ලක්ෂණයන් පිළිබඳ මනා දැනුමැති ශ්‍රී ලාංකික විශේෂඥයෙකුද මේ දිනවල චීනයෙහි නිල සංචාරයෙහි යෙදී සිටී.

2017 ජූලි 24,25 යන දිනයන්හිදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ‍ප්‍රේමජයන්ත මහතා සහ ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු සහ ජාතික මූලික අධ්‍යන ආයතනයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා, ඉංජිනේරු අංජුලා ශිවකුමාර් යන නිළධාරීන් චීනයේ හැන්ග්සුහි පිහිටා ඇති Advanced Solar Power(ASP) යනු මේ හා සමාන සූර්ය කෝෂ /පැනල වාණිජ මට්ටමින් නිෂ්පාදනය කෙරෙන ස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම චාරිකාවට සමගාමීව එරටින් ලැබෙන තොරතුරු අනුව ඉතා නුදුරේදීම පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්යකෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් පියවර ගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *