අපොස උසස් පෙළ විෂයන් අතරට ක්‍රීඩා එක් කිරීමට සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) –අපොස උසස් පෙළ විෂයන් අතරට ක්‍රීඩා ද එක් කිරීමට සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් රක්‍ෂණාවරණය ලබන මාසයට පෙර ක්‍රියාවට නංවන බව දැල්පන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේය.

26 වන ජාතික පාසල් දැල්පන්දු ශූරතාවලිය ලබන මාසයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩා පිටියේදීය.

පාසල් දැල්පන්දු තරගාවලිය සදහා වයස් කණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් තුන්සිය හැටක් එක්වීමට නියමිතය.

මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී කොරියාවේ පැවති ආසියානු කණිෂ්ඨ දැල් පන්දු ශුරතාවලිය හා ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවලිය නියෝජනය කළ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ද සිදුවිය. එමෙන්ම එහිදී පුහුණුකාරිණියන් ද ඇගයීමට ලක්කරන ලදි.

පසුගිය වසරේදී දැල්පන්දු තරගවල දැක්වූ දක්ෂතා මත පාසල් දැල් පන්දු වර්ගීකරණයක් ද මෙහිදී එළිදැක්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =