අසේලට සති හයක ලෙඩ නිවාඩුවක්‌

(කොළඹ, ලංකාපුවත්) – ෂිකර් ධවාන් ලබාදුන් උඩපන්දුවක්‌ අසේල ගුණරත්නගේ අතේ වැදීමෙන් ඔහුගේ වම් අතේ මහපටඟිල්ලේ අස්‌ථි බිඳීගොස්‌ තිබේ.

ඒ අනුව ඔහු ඊයේ(26) රාත්‍රියේදී ශෛල්‍යකර්මයකට භාජනය කළ අතර සති හයක පමණ කාලයක්‌ ඔහුට ක්‍රිකට්‌ පිටියෙන් ඈත්ව සිටිමීට සිදුව ඇත.

ගාලු ටෙස්‌ට්‌ තරගයේදී අසේලගේ සේවය අහිමිවීම ද ශ්‍රී ලංකාවට මහත් පාඩුවක්‌ වන අතර ඔහුට සමස්‌ත ඉන්දියානු සංචාරයෙන්ම ඉවත්ව සිටීමේ අවදානමක්‌ ද මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ පවසන්නේ, “වෛද්‍යවරුන් අඩුම සති හතරක්‌වත් සුව වෙන්න යයි කියල කිව්වා. නමුත් මම හිතන්නෙ ඊට වඩා වැඩි වෙයි. ඔහුගේ අස්‌ථි තුනක්‌ විතර පුපුරල තියෙනවා”. යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + five =