නැඳුන්ගමුවේ රාජාත් කතරගම වාසනාත් දළඳා පෙරහරට නෑ

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාඡා දළ ඇතු මෙවර පෙරහැර සඳහා සහභාගි නොවන බව නැදුන්ගමුවේ රාඡා ඇතුගේ හිමිකරු වන හර්ෂ ධර්මවිඡය මහතා පැවසීය.

නැදුන්ගමුවේ රාඡා දළඳා පෙරහරේ කරඬුව දස වතාවක් වැඩමවා ඇති අතර මෙවර දළඳා පෙරහරට සහභාගි නොවන්නේ තරමක අසනීප තත්වයෙන් සිටින නිසා බවද හර්ෂ ධර්ම විජය මහතා කියා සිටියේය.

මේ සම්බන්ධව අදහස් දැක්වු මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංගදෑල මහතා පැවසුවේ නැදුන්ගමුවේ රාජා මෙන්ම කතරගම වාසනා ඇතුද පෙරහරට සහභාගි නොවන බවය. වාසනා ඇතු කතරගම දේවාලයේ පෙරහැරට සහභාගි වන බැවින් මෙවර දළඳා මාළිගා පෙරහැර සඳහා එක් නොවේ.

නමුත් කරඬුව වැඩවීම සඳහා ඉන්දි රාජා, සිංහ රාජා, බුරුම රාජා, මියන්රාජා සමග මිල්ලන්ගොඩ පොඩි ඇතු මාළිගාවට සිටින බවත් ඔහු පැවසීය.

මේ අතර ලබන මස 05වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් වයස 21 ක පමණ ඇත් පැටවෙකු මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පූජා කරන බවද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 5 =