මංගල උත්සවයක් අවමගුල් උත්සවයක් කරමින් තිදෙනෙක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – ගිරිඋල්ල, අතුරුවෙල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවැත් වූ මංගල සාදයක් අතරතුර සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඊයේ (26) රාත්‍රි 11.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති ඇති අතර මංගල උත්සවය පැවැත් වූ භූමියේ පිහිටා තිබූ ළිඳකට වැටීමෙන් මෙම තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගිරිඋල්ල පොලිසිය පැවසීය.

මෙම අනතුරුදායක ළිඳ ලෑලිවලින් වසා තිබූ එකක් බවද පළමුව එක් අයෙකු ළිඳට වැටීමෙන් ඔහුව බේරා ගැනීමට තවත් දෙදෙනෙකු කඹයක් සහ ඉනිමගක් ආධාරයෙන් ළිඳට බසිමින් සිටියදී ඔවුන් දෙදෙනාද ළිඳට වැටී දියේ ගිලී මරණයට පත්ව ඇත.

පසුව පැමිණි පිරිසක් තිදෙනාම ගොඩට ගෙන රෝහල් ගත කර තිබුණත් ඒ වන විටත් එම තිදෙනා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අතුරුවෙල දඹදෙණිය පදිංචි 39 හැවිරිදි මහින්ද කරුණාරත්න, මාරවිට දඹදෙණියේ පදිංචි 38 හැවිරිදි නිසාල් ප්‍රසාද් අධිකාරි සහ මාරවිට දඹදෙණියේ පදිංචි 47 හැවිරිදි අජන්ත ලාල් කුමාර නැමැති පුද්ගලයින් තිදෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *