විනිසුරු ඉලංචේලියන් තමන් වෙනුවෙන් දිවි දුන් හේමචන්ද්‍රගේ දරුවන් දරුකමට ගනී

(කොළඹ, ලංකාපුවත්) – සිය ආරක්ෂාව වෙනුවෙන් වසර ගණනාවක් සේවයේ නිරත වූ උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ දරුවන් සිය දරු තනතුරේ ලා රැක බලා ගන්නා බව යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා සිය රැකවලාගේ අවසන් කටයුතු සිදු වෙමින් තිබියදී ප්‍රතිඥා දුන්නේ ය.

විනිසුරු එම්. ඉලංචේලියන්, සිවලෝගනාදන් විද්‍යා පාසල් දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන්නේ ය.

“අද ඉඳල මම හේමචන්ද්‍රගේ දුවයි පුතයි මම රැකබලා ගන්නවා. දැන් මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මගේ මරණය දක්වාම මම මේ දරුවන් දෙන්නගේ අධ්‍යාපනය, අනාගතය භාර ගන්නවා.මේ දුවගේ අධ්‍යාපනය විතරක් නෙවෙයි, අනාගතයේ දී විවාහයට පවා අවශ්‍ය මුදල් මම දෙනවා.” එසේ කියමින් ඔහු මේ බව සනාථ කළේ ය.

යාපනය නල්ලූර් හිදී සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ඊයේ(26) පස්වරුවේ සිදුකෙරුණි.

ජීවිතක්‍ෂයට පත්වූ සරත් ප්‍රේමචන්ද්‍ර මහතා හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදරු පියෙකු වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ කුමාරකට්ටුව පොදු සුසාන භූමියේදී සිදුවිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *