ශ්‍රී ලංකාවේ කාලගුණික තොරතුරු නිවරැදිව ලබා දියහැකි තාක්ෂණික පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කාලගුණික තොරතුරු නිවරැදිව ලබා දියහැකි තාක්ෂණික පද්ධතියක් ස්ථාපිත කිරීමට අමෙරිකාවේ නොට්‍රිඩෙම් විශ්වවිද්‍යාලයේ සහයෝගය පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන කාලය තුළ දක්නට ලැබෙන කාලගුණික වෙනස්කම් නිසා රටේ අභ්‍යන්තර කටයුතුවලට විශාල බලපෑම් එල්ල විය. විශේෂයෙන්ම මෝසම් කාලගුණික රටාවන්හි සිදුවී ඇති වෙනස්කම් මෙහිදී වැඩි වශයෙන් බලපෑම් කරනු ලැබේ.

මෙම ගැටලුවලට විසදුම් සෙවීම සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය මාර්තු මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ නොට්‍රිඩෙම් විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණි.

එහිදී ශ්‍රී ලංකාවේ කාලගුණික බලපෑම් නිසා සිදුවන මානව ආපදාවන් කළමනාකාරණය කරගැනීමට සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීමක් කරන ලදි.

ඊට ප්‍රතිචාර දක්වමින් නොට්‍රිඩැම් විශ්වවිද්‍යාලය අන්තර් මෝසම් උච්චාවචනය යන නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. වර්ෂාපතනය, උෂ්ණත්වයේ වෙනස්වීම්, ආර්ද්‍රතාව, සුළං හැමීම, සාගරයේ උණුසුම් හා ශීත දියවැල් ගලායෑමේ දිශාව හා වේගය ඇතුලු සමස්ත කාලගුණ වෙනස්කම්වලට බලපාන සියලු කරුණු සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය යටතේ නිවරැදි අනාවැකි පළ කළ හැකි බව ඔවුන් සදහන් කර සිටි.

ලබන වසරේ දී ආරම්භ වීමට නියමිත මෙම ව්‍යාපෘතිය වසර 2020 දී අවසන් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 20 =