ස්වාධීනව වෘත්තියක නිරතවන්න ජනපති නීතීඥවරුන්ට ජනාධිපතිතුමාගෙන් ආශිර්වාද

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජනාධිපති නීතීඥවරුන් අතර හමුවක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණි.

ජනාධිපතිතුමා විසින් පසුගියදා පත්කරන ලද ජනාධිපති නීතීඥවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

නීතීඥ කේෂ්ත්‍රයේ දැනුම සහ අත්දැකීම්වලින් රටට වඩාත් ඉහළ සේවාවක් ලබා ගැනීම අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිතුමා සිය වෘත්තීය කටයුතු ස්වාධීනව සිදුකර යාම වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කරන බවද මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති නීතීඥවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා සහ ජනාධිපති නීතීඥවරුන් අතර මෙම සුහද හමුව පැවැත්වේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *