ඛනිජ තෙල් වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ඊයේ (26) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු ඛනිජ තෙල් වර්ජනය අවසන් කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

කැබිනට් ඇමැතිවරුන් වන මහින්ද සමරසිංහ, අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ලබන අඟහරුවාදා (01) යළි ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ රාජකරුණා මහතා කියා සිටියේය.

ඊයේ ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී තම ගැටලු සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා අවස්ථාව දුන් බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක් ගත වෙන බව ද අදාළ බලධාරීන් සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *