පළමු ඉනිමට ඉන්දීය කණ්ඩායම ලකුණු 600ට දැවී යයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනයේදී ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 600ක් ලබාගැනීමට සමත් විය.

සිකර් දවාන් ලකුණු 190, කුජාරා ලකුණු 153, සහ රහලේ ලකුණු 53ක්ද ලබාගෙන ඇත.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මංගල ටෙස්ට් තරඟයට සහභාගිවූ ආර්දික් පාණ්ඩේ ලකුණු 50ක් ලබා ගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 132ට කඩුලු 6ක්ද, ළහිරු කුමාර ලකුණු 131ට කඩුලු 3ක්ද ලබාගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *