චමරිට එංගලන්තයෙන් ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා චමරි අතපත්තුට එංගලන්ත පළමු පෙළ විස්සයි විස්ස කාන්තා ක‍්‍රිකට් තරගාවලියකට එක්වීමේ අවස්ථාව උදා වී තිබේ.

ඒ, ඉකුත් ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ දී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඇය දැක්වූ පිතිකරණ දක්ෂතාව හේතුවෙනි.

චමරි අතපත්තු එම තරගයේ දී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවාය. එම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ ක‍්‍රීඩිකාවක් එක්දින තරගයක රැස් කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

මෙවර එංගලන්ත පළමු පෙළ කාන්තා ක‍්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු යෝකෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවකට එවැනි අවස්ථාවක් හිමි වූ පළමු අවස්ථාව මෙය වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 12 =