ලංකාපුවත් කෙටි පණිවිඩ සේවාව සක්‍රීය කර 50,000ක් දිනා ගන්න

(කොළඹ, ලංකාපුවත්) – ලංකාපුවත් උණුසුම් පුවත් සේවාව සමඟ ලියාපදිංචිවී රුපියල් 50,000ක මුදලක් දිනාගැනීමට අවස්ථාව දැන් හිමිව ඇත.

ඒ අනුව ඔබ සිංහල භාෂාවෙන් පුවත් ලබා ගැනීමට අවශ්‍යනම් ඔබේ මොබිටෙල් දුරකථනයේ REG LPS ලෙස සටහන් කර 2299ට එස්එම්එස් කිරීම පමණි. එසේම ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ලබා ගැනීමට අවශ්‍යනම් REG LP ලෙස සටහන් කර මොබිටෙල් දුරකථනයකින්2299ට එස්එම්එස් කිරීමය.

ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනය හා ශ්‍රී ලංකා මොබිටෙල් එක්ව මෙම ජුලි 31වනදා දක්වා අදාළ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙක් තෝරා ගනු ලැබේ.

යුනෙස්කෝ සංවිධානයේ අදහසකට ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය ලෙස 1978 වර්ෂයේ දී ලංකාපුවත් ප්‍රවෘති නියෝජිතායතනය ස්ථාපිත විය. ඒ අනුව එහි පළමු සභාපති ධූරය හෙඹවන ලද්දේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිතුමය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දමමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙල මෙන්ම නව ව්‍යාපෘති කඩිනමින් ජාත්‍යන්තර පුවත් සේවා වෙත සැපයීමත්, ජාත්‍යන්තරයේ විදෙස් පුවත් කඩිනමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වෙත බෙදා හැරීමත් සිදු කරනු ලැබේ.

ලංකාපුවත් කෙටි පණිවිඩ උණුසුම් පුවත් සේවාව හරහා දෙස් – විදෙස් උණුසුම් පුවත් කඩිනමින් වඩා විශ්වසනීයත්වයකින් ඔබට දැනගැනීමේ හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *