ජපානයේ ආරක්ෂක අමාත්‍යවරිය ධුරයෙන් අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ආරක්ෂක අමාත්‍යවරිය ටොමෝමි ඉනාඩා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඇය අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ සමීප මිතුරියකි.

සාමසාධක කටයුත්තක් පිළිබද මතභේදාත්මක කරුණු ඇතුළත් ලියකියවිලි නීත්‍යානුකූල නොවන ආකාරයට සඟවා තැබීමට උත්සාහ කිරීම ඇයට එරෙහිව එල්ලවූ ප්‍රධාන චෝදනාව වේ.
එරට ආරක්ෂක අමාත්‍යංශය දකුණු සුඩානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේ එම තොරතුරු ඇතුළත් පරිගණක දත්ත අස්ථානගතවී ඇති බව පැවසීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත විය.

ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනයේ දී ඇයට වෙනත් අමාත්‍ය ධුරයක් ලබාදීමට ජපාන අග්‍රාමාත්‍යවරයා අදහස්කර සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *