බැදුම්කර කොමිසම ඇලෝසියස්ගේ මුර පද ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කටයුතු සදහා අර්ජුන් ඇලෝසියස් මහතා 2015-2016 කාලය අතරතුර භාවිතා කළ ජංගම දුරකතන වල මුරපද සහ පරිශීලක නාමයන් ලබා දෙන ලෙස බැදුම්කර ගණුදෙනු විමර්ශණය කරන ජනපති කොමිසම නියෝගයක් නිකුත් කර ඇත.

එම කාලය තුළ ඇලෝසියස් මහතා භාවිතා කළ විද්‍යුත් ජංගම උපකරණ කොමිසමට ලබා දෙන ලෙසද මීට පෙර කොමිසම විසින් නියෝගයක් නිකුත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *