හම්බන්තොට වරාය ගිවිසුමට හෙට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් චීනයේ “චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම” සමග ඇතිකර ගැනීමට යන අනුග්‍රාහක ගිවිසුමට හෙට (29) අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙම ගිවිසුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමැතිය ලබාගත් බවත්, එහෙත් ඒකාබද්ධ විපක්ෂය ඒ පිළිබඳව විවාදයට සහභාගී නොවී ඝෝෂා කරමින් සභාවෙන් පළා ගිය බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ඔවුන් මෙම විවාදයට සහභාගි නොවූයේ ඒ ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන්ට කීමට කිසිදෙයක් නොමැති නිසා බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *