අමෙරිකා ප්‍රහාරක ගුවන් යානා කොරියා අර්ධද්වීපයට ඉහළ අහසේ

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියා මිසයිල අත්හදා බැලීමෙන් දිනකට පසු අමෙරිකා ප්‍රහාරක ගුවන් යානා කොරියා අර්ධද්වීපයට ඉහළ අහසේ සැරිසරා ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාව පසුගියදා සිදුකළ අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බැලීමට පිළිතුරක් ලෙස තම රට මෙම පියවර ගත් බව අමෙරිකා බලධාරීන් පවසා ඇත.

අමෙරිකා ගුවන් හමුදාවට අයත් බී සහ බී එක වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් මෙසේ කොරියා අර්ධද්වීපයට ඉහළ අහසේ සැරිසරා ඇති බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදා බැලීමෙන් අතුරුව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ අමෙරිකාව ඉලක්ක කරගනිමින් මෙම අත්හදා බැලීම් සිදුකළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 14 =