ඉන්දියාවට තහනම් මාලදිවයිනට තහනම් නැති සැත්කම ගැන ඇමති රාජිත කියයි

(කොළඹ, ලංකාපුවත්) – වකුගඩු ජාවාරම හේතුවෙන් ඉන්දීය ජාතිකයන්ට මෙරට සැත්කම් සිදු කිරීම තහනම් කර ඇතත් එය මාලදිවයිනට වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්‍රහිම් මහතා ඊයේ(30) හමුවූ අවස්ථාවේ දී ය. මාලදිවයින් ජාතිකයින්ට මෙරටදී වකුගඩු සැත්කම් සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කෙරුණි. මාලදිවයින් රජයේ සහතික මත එම ජනතාවට ශ්‍රී ලංකාවේ දී වකුගඩු සැත්කම් සිදු කිරීමට තීරණය විය.

මෙරට ශ්‍රමිකයින් මාලදිවයිනට පිවිසෙන විට ක්ෂය රෝග පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවය අබ්දුල්ලා මහතා පෙන්වා දෙනු ලැබීය. එය දෙරටටම වැදගත් වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව සහ වකුගඩු සැත්කම් සිදු කිරීම පිළිබඳව ද සැප්තැම්බර් මස පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල සැසිවාරයේ දී යළි සාකච්ජා කිරීමට නියමිතය. ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීමට ද එහිදි හැකි බව රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජනසුන්දර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 18 =