කටාර් අර්බුදය ගැන සාකච්ඡාවලට සෞදිය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යය මුල් කරගත් ගල්ෆ් අර්බුදය විසඳීමේ සාකච්ජා සිදු කිරීමට සූදානම් බව සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් හතරක් සදහන් කර ඇත.

ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනා මත එම රටවල් කටාර් රාජ්‍ය සමග සබඳතා අත්හිටුවූයේ මීට සති ගණනාවකට ඉහතදීය.

සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි විශේෂ ආමාත්‍යවරු බහරේනයේ මැනමා අගනුවරදී ඊයේ(30) හමුවිය.

ඒ, අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ය. අනතුරුව මාධ්‍ය හමුවේ ඔවුන් කියා සිටියේ තම රටවල් කටාර් රාජ්‍ය සමග සාකච්ජා කිරීමට සූදානම් බවය.

අර්බුදය විසඳීම සඳහා තම කොන්දේසි ඉටු කිරීමට කටාර් රාජ්‍ය කැමැත්ත පෙන්විය යුතු බව ද ඔවුන් එහිදී පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *