පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙක් හෙට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙකු හෙට(01) පත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එරට අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන ෂහීඩ් අබ්බාසි තෝරා පත් කර ගනු ලැබීය.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

නවාස් ෂරීෆ්ගේ සොහොයුරු ශබාස් ශරීෆ් පාලක පක්ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ධූරය සදහා ඉදිරිපත් කර සිටි.

විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇත්තේ ෂශීඩ් අබ්බාසීවය.

පාකිස්තාන පාර්ලිමේන්තුව ඔවුන් අතුරින් නව අග්‍රාමාත්‍යවරයෙකු හෙට දිනයේ දී පත් කරගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 12 =