වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දෙසතියකින් ගැසට් කරයි

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දෙසතියකින් ගැසට් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාල්ල නව හෙද විද්‍යාලය ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දහවල් ගාල්ල මහමෝදර ප්‍රදේශයේ දී සිදු කෙරිනි.

පස් මහල් ගොඩනැගිල්ලක් වන මෙහි පරිපාලන සංකීර්ණයකින් ද යුක්ත වේ. මේ සදහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 555 කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “මෙම වසරේ දී කළුතර, ගාල්ල, මහනුවර සහ අනුරාධපුරය හෙද විද්‍යාල රුපියල් මිලියන 2500 ක් වැය කරමින් සංවර්ධනය කරනවා. හෙද හෙදියන්ට උපාධි ලබාදීම සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආශ්‍රිතව හෙද පීඨයක් ආරම්භ කරනවා.

එම හෙද පීඨය මගින් හෙද හෙදියන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ද ලබාදෙනවා. ලෝකයට අවශ්‍ය හෙද වෘත්තිකයින් අපි බිහි කළ යුතුයි. ලෝකය පිළිගන්නේ හෙද උපාධියයි. හෙද හෙදියන්ට උපාධිය ලබාදිමට සුදානම් වන ව්ට ඇතැම් වෛද්‍ය සංගම් ඊට ව්රුද්ධත්වය පළ කළා.

ඔවුන් කටයුතු කළේ දුපත් මානසිකත්වයෙන්. දේශප්‍රේමිත්වයක් මතු කරමින් ඇතැම් අය කටයුතු කරනවා. ඇතැම් වෛද්‍ය සංගම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ව්රෝධය පළ කරනවා. නමුත් ව්දේශීය රටවල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඉතා පුළුල්ව සිදු වෙනවා. අපේ ඇතැම් වෛද්‍යවරුන් ද විදේශීය අධ්‍යාපනය ලැබූ අයයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ව්ට ඒවා කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා. නමුත් රජය තීරණයක් ගෙන තිඛෙනවා සබරගමුව, වයඹ සහ මොරටුව යන විශ්ව විද්‍යාලවලත් වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට. ඒ සදහා රත්නපුර මහ රෝහල ද සංවර්ධනය කරනවා. කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක් බවට සංවර්ධනය කරනවා. නමුත් ඇතැම් අය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ව්රුද්ධත්වය පළ කරනවා. එය මෝඩයන් සහ මෝඩයන් අතර සංවාදයක් ලෙස මම හදුන්වනවා. වෛද්‍ය අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් දියුණූ කළ යුතුයි.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීමේ දී ශ්‍රි ලංකා වෛද්‍ය සභාවෙන් ව්මසා තිඛෙනවා. නමුත් වෛද්‍ය සභාවේ සිටි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි අවම ප්‍රමිතියක් නොමැති බවයි. එවිට වරදකරු වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. නමුත් දැන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සාකච්ඡා කරනවා. සමහරු කෑ ගහනවා. 2006 වසරේ දී වෛද්‍ය සභාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව කථා කරන විට ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය සකස් කර තිබුනා. නමුත් ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැන සිටියේ නැහැ. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කළේ මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වීමෙන් පසුවයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉදිරි සති 02 තුල ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා. වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලු කරන්න ඉඩ දෙන්නේ නැහැ. රට පාලනය කිරිමෙි දී සිරිසඟබෝ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම වැරදියි. සිරිසඟබෝලා සිටියේ අතීතයේ යි. රජයක් විසින් ගන්නා සියළුම තීන්දු තීරණ වලට ඇතැමුන් විරෝධය පළ කරනවා. බලය බෙදාහැරීමෙදීත් එහෙමයි. බලය ඛෙදන්න එපා කියපු දේශප්‍රේමිීන් දකුණෙත් හිටියා. එම ප්‍රජාතන්ත්‍රවාදී ව්මුක්තිකාමින් බෝම්බ ගැසුවා. ජිවිත හානි සිදු කළා. නමත් දැන් බලය ඛෙදාහැරිමට ඔවුනුත් කැමැතියි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පෞද්ගලිකරණය කරන බවට රජයට චෝදනා කරනවා. එම චෝදනා කරන පුද්ගලයින් සිතන්නේ සයිටම් තමයි නිදහස් අධ්‍යාපනයේ කිරුළ කියලා. නමුත් වත්මන් රජය නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය ආරක්ෂා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − five =