ඉරිදා සහ පෝය උපකාරක පන්ති තහනම් කරන පනත් කෙටුම්පතක් ළගදීම

 

(කොළඹ, ලංකාපුවත්) – ඉරිදා උදෑසන සහ පොහෝය දින උපකාරක පන්ති පැවැත්විම තහනම් කරමින් පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එම පනත ඉදිරි සති දෙක තුල පගෙන ඒමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා සදහන් කළේය.

හැත්තෑහතේ පෙරළියට හතලිහයි හෙට දිනන පෙරදැක්ම ප්‍රදර්ශනය හා සැණකෙළියට සමගාමිව ගැබිණි මව්වරුවන් සදහා පෝෂණ මලු බෙදා දිමේ වැඩසටහනේදී අමාත්‍ය විජදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පැවසීය.

අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගෙනුයි පෝෂණ මලු බෙදා දිම සිදු කෙරුණි.

අමාත්‍ය දයා ගමගේ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නිතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *