චන්දිමාල් ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ටෙස්ට් ක්‍රිකට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

මෙම පරීක්ෂණයේදී චන්දිමාල් පිතිකරණයේ ද යෙදුනු බව ක්‍රිකට් ආයතනය පවසයි.

නිව්මෝනියා රෝගය වැළදීම හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට සංචාරක ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි විය. එහි නායකත්වය දරුවේ රංගන හේරත් විසිනි.

මෙම තරගයේ දී පන්දුව අතේ වැදී රංගනගේ වම් අතේ මහපට ඇගිල්ල ද අබාධායකට ලක් විය. තවමත් එහි වේදනාව පවතින බව රංගන හේරත් ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත. ඒ අනුව ලබන 02වනදා යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වා ඔහුගේ තත්ත්වය පිළිබද තීරණයක් ගන්නා බව ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

එහෙත් චන්දිමාල් සුව වී සිටීම මෙම තරගයට පිටිවහලක් වනු ඇතැයි ක්‍රිකට් ආයතනය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *