වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජනපති නියමයෙන් වියළි ආහාර සලාකයක්

(කොළඹ, ලංකාපුවත්) – දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

ඒ අනුව මෙම වියළි ආහාර සලාකය එම ජනතාවට කඩිනමින් ලබාදීමට මේ වන විට අදාළ අංශවලට උපදෙස් දී ඇත.

තවද වියළි කාලගුණය පවතින ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීමටත්, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් ලබාදීමටත් ජනාධිපතිතුමා අදාළ බලධාරින් වෙත උපදෙස් දී තිබේ.

වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා ඊයේ (30) හදිසියේම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපතිතුමා පළමුව සංචාරය කරනු ලැබුවේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහටගොල්ලෑව ප්‍රදේශයේය.

කිසිදු පෙර සූදානමකින් තොරව හදිසියේම පැමිණි ජනාධිපතිතුමාව එම ජනතාවට විසින් මහත් සතුටින් යුතුව පිළිගනු ලැබීය.

පවතින වියළි කාලගුණයත් සමග තමන්ට මුහුණදීමට සිදුව තිඛෙන ගැටලු පිළිබදව එහිදී ඔවුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඔවුන්ගේ ප්‍රමුඛම ඉල්ලීම වූයේ තම පානීය ජල අවශ්‍යතා සහ සෙසු ජල අවශ්‍යතා සපුරාදෙන ලෙසයි.

දැඩි නියඟය හේතුවෙන් ජලය සිදී ඇති කහටගොල්ලෑව කුඩාපුලියන්කුලම වැව ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

ජනතාව අතර සිටිමින් ඔවුන්ගේ ගැටලුවලට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා ඒවා කඩිනමින් ඉටුකරදෙන බවට පොරොන්දු වූ අතර, ප්‍රදේශවාසියෙකු විසින් පිළිගැන්වූ ඛෙලි මල් කෝප්පයක රස විදීමට ද අමතක නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *