ඇෆ්ගනිස්ථානයේ මංගල ටෙස්ට් තරගයට සිම්බාබ්වේ පිලට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා ටෙස්ට් වරම් හිමිකරගත් ඇෆ්ගනිස්ථානය සිය පලමු ටෙස්ට් තරගය පැවැත්වීම සදහා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ පූර්ණ ටෙස්ට් ක්‍රීකට් තරගාවලියක්, එක්දින තරග 05ක් හා විස්සයි විස්ස තරගයක් සදහාය.

එම ආරාධනයට මේවන විටත් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත.

ඒ අනුව ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි අතර කාලසීමාවෙදී මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති බවට විශ්වාසය පළ කෙරේ.

මීට පෙර සිම්බාබ්වේ පිල සමග එක්දින තරගාවලිය 3ට 0ක් ලෙස ඇෆ්ගනිස්ථානය ජය ලැබූ අතර කොදෙව් පිල සමග තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *