ජනතාව පාවලා දෙන නායකයෝ සැබෑ නායකයින් නෙවෙයි – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – තමන්ගේ දේශපාලනය ගොඩනගා ගැනීමට ජනතාව පාවලා දෙන නායකයෝ සැබෑ නායකයින් නොවන බව අග්‍රාමාත්‍ය කරය මණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සදහන් කරයි.

රුපියල් කෝටි තුනක වියදමින් ඉදිකරන ලද, දෙනියාය, පිටබැද්දර – සියඹලාගොඩ “ කැතිගහනදොල නව පාලම” ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් පසුගියදා ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ දේශපාලන පක්ෂ සහ නායකයෝ ජනතාවට ආදරය කලයුතු බවත් ආණ්ඩු පක්ෂය හෝ විපකෂ්‍ය යන කුමන අපරශාවයක් නියෝජනය කලද ජනතාවට සේවය කිරීම සිය වගකීම බවට පත්කරගත යුතු බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වරාය ඉදිකරන්න චීනෙන් ණයක් ලබාගත්තා.ඒ ණය ගෙවන්න ක්‍රම දෙකක් ඇති බව අමාත්‍ය සාගල රත්නායක එම උත්සවයේදී තව දුරටත් ප්‍රකාශ කළේය. “ඉන් එක ක්‍රමයක් වන්නේ වරාය පවතින විදියට පිහිනුම් තටාකයක් වගේ තියෙන්න ඉඩදී ජනතාවගෙන් බදු එකතු කරලා ඒ ණය ගෙවන එක. හිටපු ජනාධිපතිතුමා ටික කාලයක් එය සිදු කළා. එසේ නොමැතිනම් වරාය වටිනාකමක් ඇතිකරලා එතන ව්‍යාපාර කටයුතු දියුණු කරලා ඒ එන ආදායම්වලින් අපිට ණය ගෙවන්න හැකියාවක් ඇති වෙනවා. ඒ අනුව දෙවැනි ක්‍රමයට මේ ණය ගෙවන්න රජය තීරණය කළා. රජය එසේ කලේ බදු මුදලින් ගෙවන්න ගියොත් එහි බර ජනතාව මත පැටවෙන නිසත් එයින් බඩු මිල ඉහළයාමක් සිදුවන නිසාත්ය.මේ ණය මුදල විශාල ප්‍රමාණයක්. එම නිසා ජනතාවට බරක් නොදී ණය මුදල ගෙවන්න අවසථාව තියෙන නිසයි අපි ඒ වගේ ගිවිසුමකට එළඹුණේ.” යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *