ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ස්කරමුචි තනතුරෙන් ඉවත් කර තිබේ. ඔහු ධුරයේ රාජකාරී කළේ දින 10ක් පමණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහල කාර්යමණ්ඩල සාමාජිකයන් නිර්දය ලෙස විවේචනය කිරීම හා අභ්‍යන්තර ගැටුම් ඇතිකිරීමට මුල් වීම ඔහු තනතුරෙන් නෙරපා හැරීමට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව, ප්‍රකාශ කෙරුණි. ඔහුගේ ක්‍රියාකලාපය ගැන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසතුටින් පසුවන බව ද, ධවල මන්දිරය සදහන් කළේය.

ස්කරමුචි ක්‍රියා කළ ආකාරය ඔහුගේ ධුරයට කිසිසේත් නොගැලපෙන බව, ජනාධිපතිවරයා සඳහන් කළ බව ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ප්‍රකාශක සාරා සෑන්ඩර්ස් කියා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =