යාපනය පොලිස් නිලධාරීන්ට පහර දුන් දෙදෙනෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –යාපනය, කෝපායි, කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

එක් සැකකරුවෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කෝපායි පොලීසිය විසින් අද(01) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිවරාසා මදූෂන් නැමැති 20 හැවිරිදි තරුණයෙකු සහ මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විජයරත්නම් සිවරාජ් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *