ජනපති – වෘත්තීය සමිති සකච්ඡා සාර්ථකයි: තෙල් වර්ජනය අත්හරියි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබේ.

අද(01) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

ඒ, හම්බන්තොට තෙල් ටැංකි සංකිර්ණය සංස්ථාවට පැවරීම ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදුකළ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව පසුගිය 24 වනදා ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනය සිදුකරනු ලැබීය.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් ආදාළ වර්ජනය නතර කෙරුණු අතර පසුගිය 25 වනදා රාත්‍රියේ සිට තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට ද පත් කළේය.

මේ අතර, සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට පැමිණ සිටින බැවින් තෙල් බෙදා හැරීම් කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව වාර්තා ෙව්

කෙසේ නමුත් ඊයේ රාත්‍රී කාලයේ කොළඹ හා තදාසන්න ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *