දෙවන පාසල් වාරය ලබන සිකුරාදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 06 වන බදාදා දිනයේ ආරම්භ වේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 08 වනදා ආරම්භ වන අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම හෙට(02) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් වේ.

ඒ අනුව 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ කාලසටහන නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *