ලහිරු තිරිමාන්න යළිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

(කොළඹ, ලංකාපුවත්) – ලහිරු තිරිමාන්නව යළිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ලහිරු තිරිමාන්නව කැදවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට නම් කළ සංචිතයට තිරිමාන්න ඇතුළත් වූයේ නැත.

මෙරට පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කිරීමට තිරිමාන්නව මෙලෙස කැදවීමට තීරණය කර ඇතැයි සදහන් වේ.

මෙරට පිතිකරුවන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අසාර්ථක විය. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 03වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ කොළඹ එස් එස් සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *