සහල් සහ තිරිගු ඇට ආනයන බදු පහළට

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ කිසිඳු සහල් හිගයක් ඇති වීමට ඉඩක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුදල් අමාත්‍යංශයේ අද(01)පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ආනයනික සහල් සඳහා මේ වන විට අයකරනු ලබන්නේ ශත 25ක බද්දක් පමණක් බවත් එහිදී කියා සිටියේය.

එමෙන්ම ආනයනික නාඩු කිලෝවක් රුපියල් 75ක මුදලකටත්, සුදු හාල් කිලෝවක් රුපියල් 60ක මුදලකටත්, පොන්නී සම්බා කිලෝවක් රුපියල් 72-75 අතර මුදලකටත් ලබා ගත හැකි බව අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව පෞද්ගලික මෙන්ම රජයේ පාර්ශවයෙන්ද හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට කටයුතු කර ඇති බවද එහිදී සඳහන් විය.

එමෙන්ම තිරිගු පිටි ඇට ආනයනය සඳහා පනවා තිබූ රුපියල් 9ක මුදල රුපියල් 6 දක්වා අඩු කර ඇති බවත්, තිරිගු පිටි ආනයනය සඳහා පනවා තිබූ සෙස් බද්ද රු 25 සිට 15 දක්වා අඩු කර ඇති බවද කියා සිටියේය.

පැකට් කළ තිරිගු පිටි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සීමාව අහෝසි කර ඇති බවත්, පවතින නියඟය හේතුවෙන් මෙවැනි සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද ඒ මහතා කියා සිටියේය. එසේම ඉදිරියේදී සැලකිය යුතු අන්දමින් භාණ්ඩ මිල අඩුවීමක්ද සිදු විය හැකි බව සඳහන්ය.

එමෙන්ම පවතින නියං තත්ත්වය හේතුවෙන් රුපියල් 5000ක බඩු මල්ලක් එම ප්‍රදේශවල ජනයාට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එය සති 2න් දෙකට අවස්ථා දෙකකදී රුපියල් 2500 ක බඩු මලු ලෙස ලබාදීමට නියමිතය.

එමෙන්ම ඉදිරියේදී සිදු කරනු ලබන සහල් ආනයනය හේතුවෙන් සහල් මිල ගණන් තවදුරටත් පහත හෙලීමට හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *