කොරියාව සමග සාකච්ජාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව සමග සාකච්ජා කිරීමට සූදානම් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.

එය එරට පාලන තන්ත්‍රයට කිසිඳු බලපෑමක් සිදු නොකරන්නක් බව ඔහු කියා සිටියේය.  උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන එබඳු ඕනෑම සාකච්ජාවකට මාතෘකා විය යුතු බව රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.

අමෙරිකාවෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකය පදනම්ව උතුරු කොරියාව තම න්‍යෂ්ටික අවි අත්හැරිය යුතු බව ද රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේය.

උතුරු කොරියාව මෑතකදී සිදු කළ අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල අත්හදා බැලීමත් සමග කොරියානු අර්ධද්වීපය තුළ උණුසුම් වාතාවරණයක් උද්ගත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − six =