(කොළඹ, ලංකාපුවත්) – ආබාධයකට ලක් වූ රංගන හේරත්, සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රංගන හේරත් ආබාධයකට ලක්විය. ඒ පන්දුව වම් අතේ වැදීමෙනි. ඔහුගේ වම් අතේ මාපට ඇඟිල්ල ඉදිමීමට ලක්වීම හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත විය.
කෙසේ වෙතත් මේ වනවිට ඔහු පූර්ණ සුවය ලබා ඇති අතර තරගයට ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමක ද සිටින බව ක්‍රිකට් ආයතනය පැවසීය.
ශරීර යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුවයි මෙම නිගමනයට ක්‍රිකට් ආයතනය එළඹ තිබේ.
කොළඹ එස් එස් සී පිටියේදී දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (03) ආරම්භ වීමට නියමිත ය.