(කොළඹ, ලංකාපුවත්) – වසර 2025 වනවිට මෙරට ණයබර නැතිකිරීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ වෙනුවෙන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඉදිකළ පිහිණුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේය.
මේ සදහා රුපියල් මිලියන හතලිස් හතරක් වැයකර තිබේ. මෙම පිහිණුම් තටාකය අවට පාසල්වල දරුදැරියන්ට ද භාවිත කළහැකි බව මෙහිදී අවධාරණය කෙරුණි.
පිහිණුම් තටාකය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.